ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සහාය අඛණ්ඩව ලැබෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ආපදාවට පත් ජනතාව, ඔවුන්ගේ නිවාස, දේපළ සහ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා වන වැඩපිළිවෙළ පුළුල් වන විට, ලොව පුරා රටවල් ඒ සඳහා සිය සහාය ප්‍රකාශ කර ඇති අතර, ඒ අතරින් මෙරට ප්‍රධාන මිත්‍ර රටවල් සෘජුව මැදිහත්ව සිටින බවයි සඳහන් වන්නේ.
ලෝක නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සහ පණිවිඩ යොමු කරමින් මෙලෙස සිය ශෝකය සහ නැවත ගොඩනැගීම සඳහා සහාය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
අදාළ රටවල් මේ වන තෙක් සිදුකර ඇති ආධාර සම්බන්ධ තොරතුරු පහතින්.









