උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් 2026 ජනවාරි මාසයේ පැවැත්වීමට තීරණයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් ජනවාරි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසනවා.

ඒ අනුව, විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය විසින් ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.