අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර්ඝ කිරීමට පියවර

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, පසුගිය මස 10 දින සිට මෙම මස 10 වැනි දිනය දක්වා ලබා දී තිබුණු එම කාල සීමාව, රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images