අද සවස 3.30 ට කැලණි ගඟේ ජල මට්ටම

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම සම්බන්ධයෙන් නවතම යාවත්කාලීන කිරීම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අද සවස 3.30 වන විට නාගලගම් වීදිය ජල මාපකයේ අගය අඩි 6.75 ක් ලෙස සටහන් වී, සුළු ගංවතුර තත්ත්වයක් දක්වා අඩුවි ඇති අතර, මේ වන විට ජල මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි දැක්වෙන්නේ.

එසේම හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම අඩි 7.07 ක් ලෙස සටහන් වී ඇති අතර, එහිද ජල මට්ටම තවදුරටත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

 news images