Rebuilding Sri Lanka අරමුදල පිහිටුවීමට කැබිනට් අනුමැතිය

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම අරමුණු කරගත් Rebuilding Sri Lanka අරමුදල පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතයි.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එම්. ආර්.ඩී. අපොන්සු කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනවා.

සෙසු සාමාජිකයන් ලෙස, විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණවර්ධන, හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක, බ්‍රැන්ඩික්ස් සමුහ ප්‍රධාන විධායක නිලධාරී අප්රොෆ් ඔමාර්, LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර යන අය කටයුතු කරනවා.