අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සී.බී. රත්නායක ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2011 මාර්තු 31 සහ 2013 මාර්තු මස 31 අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 573 කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.








