දිට්වා ගිය පසු වායුගෝලයත් වෙනස් වෙයි

දිවයිනේ වායුගුණත්ව තත්ත්වයේ පහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට බස්නාහිර පළාතේ වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යයට ඉතා අහිතකර මට්ටමක් දක්වා ළගා වී තිබුණා.

එසේම, අනුරාධපුර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යට අහිතකර මට්ටමේ පවතිනවා.

දිට්වා සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කිරීමෙන් පසු සුළං රටාවේ සිදුවූ වෙනස්කම් සමග දූවිලි අංශු මෙරට වායුගෝලයට ඇතුලුවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් අප මධ්‍යම පරිසර අධිකාරියේ වායු තත්ත්ව සහ ශබ්ද හා කම්පන පසු විපරම් ඒකකයේ අධ්‍යක්ෂිකා වර්නිකා රණවකආරච්චි ගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේද අපේක්ෂා කළ හැකි බවයි.