පැවති ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ, වසංගත රෝග පැතිර යාමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට අනතුරු අඟවා සිටිනවා.
ඒ අනුව, ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි එම සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස අද (02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ.
උණ, ශ්වසන ආබාධ, ඇදුම, හතිය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, පාචනය, මී උණ, ඩෙංගු වැනි රෝග ඉදිරියේ දී වර්ධනය වීමේ හැකියාවක් ඇති බව ද වෛද්‍යවරයා පවසා සිටියා.
මේ හේතුවෙන් නිරන්තරයෙන් පිරිසිදු පානීය ජලය හා උණු කර නිවා ගත් ජලය පමණක් භාවිතා කරන ලෙසද, පිසූ ආහාර භාවිතා කරන ලෙස ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.








