ආපදා සහන කටයුතුවලදී ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්ත්වයක් ඇති කර තිබෙන බවයි ගුවන් හමුදාව පෙන්වා දෙන්නේ.
ගුවන් අවකාශයේ අනවසර ඩ්‍රෝන යානා පැවතීම ගුවන් ගමන් මාර්ගවලට සහ මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම්වලට බාධා ඇති හැකි අතර, ගුවන් අනතුරු සිදුවීමටද හැකි බවද ගුවන් හමුදාව පෙන්වා දෙනවා.
ගුවන් යානා මගින් සහන මෙහෙයුම් සිදුකරන ප්‍රදේශවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක නොකරන ලෙසත්, සියලුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැනුම් දෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.









