මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ඇතුළු ප්‍රධාන කාර්යාලවල ඇතැම් කටයුතු අද (01) ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව වේරහැර ප්‍රධාන කාර්යාලය සහ මාර්ගගත (Online) දිස්ත්‍රික් කාර්යාල වන කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුරය, යාපනය, මොණරාගල, මහනුවර, ගාල්ල හා අම්පාර මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණය, නව රියදුරු බලපත් ඉල්ලුම් කිරීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම ඇතුළු මාර්ගගත සේවාවන් සිදු නොවන බවයි සඳහන් වෙන්නේ.
වාහන ලියාපදිංචි කිරීම හා පැවරීම ආදී පද්ධතිවලට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බැවින් එම කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන අතර, පරිගණක පද්ධතියේ ඇති වූ බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික අංශ කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.









