අප රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමඟ එක්ව නැවත මේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බවට ඒකාන්තයෙන් ම විශ්වාස කරන බවයි අද (30) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟන බවත්, මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
මෙම සාමූහික ප්රයත්නය සඳහා පටු වාද භේදවලින් තොර ව එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවත්, ජාතික සහ ජාත්‍යන්තර වැඩපිළිවෙළක් ඔස්සේ, මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් හෘද සාක්ෂියට අනුවම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට කැපවෙමු බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.
මෙම අඳුරු දිනයන් පහව යන බවත්, අපි ඒකමතිකව නැගී සිටිමු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








