ධීවර සහ නාවික කටයුතුවල යෙදීම වැළැක්වූ අනතුරු ඇඟවීම ඉවතට

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීම වැළැක්වීම සඳහා නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වන වි‍ට ගැඹුරු පීඩන අවපාතය කන්කසන්තුරයට කි.මී. 320 ක් ඊසාන දෙසින්, උතුරු අක්ෂාංශ 12.5 සහ නැගෙනහිර දේශාංශ 80.5 ආසන්නයේ කේන්ද්‍රගත වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වෙමින් ඇති අතර, මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images news images news images