උසස් පෙළ විභා­ගය ගැන තීර­ණ­ය මේ සතියේ

අය­හ­පත් කාල­ගු­ණය හේතු­වෙන් දින නිය­ම­යක් නොමැ­තිව කල් දැමූ උසස් පෙළ විභා­ගය නැවත ආරම්භ කිරීම සම්බ­න්ධ­යෙන් මේ සතියේ දී තීර­ණ­යක් ගන්නා බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය පැව­සු­වාය.

ආප­දා­ව­ලට ලක්වූ සිසුන්, කාර්ය මණ්ඩ­ලය, නිල­ධා­රීන් මෙන්ම විභාග මධ්‍ය­ස්ථා­න­වල තත්ත­ව­යන් සම්බ­න්ධ­යෙන් සියලු ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් මෙන්ම කලාප කාර්යා­ල­ව­ලින් අවශ්‍ය දත්ත ලබා­ගැ­නී­මෙන් අන­තු­රුව එම දිනය තීර­ණය කරන බවත් ඇය කීවාය.

විභාග මධ්‍ය­ස්ථාන ආශ්‍රිත පාසල් හා මහා­මාර්ග ගංව­තු­රෙන්, පස්කඳු කඩා­වැ­ටීම් හේතු­වෙන් අව­හිර වී ඇති අතර පාසල් දරු­වන්ගේ සහ කාර්ය මණ්ඩ­ල­වල අප­හ­සු­තාව සැල­කි­ල්ලට ගනි­මින් විභාග කල් දැමී­මට තීර­ණය කළ බව කී ඒ මහ­ත්මිය මේ වන­විට තත්ත්වය තවත් දරුණු වී ඇතැ­යිද කීවාය.

සුභා­ෂිණී සේනා­නා­යක