චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂයක ආධාරයක් සහ රුපියල් මිලියන 10ක ආධාරයක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල ජීවිත හා දේපළ හානි සිදුවීමෙන් පසු, චීන රජය විසින් අමෙරිකානු ඩොලර් 100,000 ක මුදලක් මෙරට වෙත ප්‍රදානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ, චීන රතු කුරුස සමාජය (Red Cross Society of China) විසින් හදිසි මුදල් ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත මුදා හැර ඇති බවයි.

එමෙන්ම, ආපදා සහන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ පිහිටි චීන වාණිජ මණ්ඩලය (Chinese Chamber of Commerce) සහ විදේශීය චීන සංගමය (Overseas Chinese Association) මගින් ද පරිත්‍යාග වැඩසටහන් දියත් කර ඇති අතර, ආපදාවට පත් ප්‍රදේශවලට සහාය වීම සඳහා ඒකාබද්ධව රුපියල් මිලියන 10 ක මුදලක් රැස් කර ඇත.