අද සිට ගංව­තුර හෙමින් බැස යයි

අධි අව­දා­නම් ගංව­තුර ආපදා තත්ත්වය තර­මක් ලිහිල් කර­මින් අද (01) සිට ප්‍රධාන ගංගා­වල ජලය බැස යෑම ආරම්භ වන බව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ඉංජි­නේරු අජිත් ගුණ­සේ­කර මහතා පැව­සීය.

මින් ඉදි­රි­යට හංවැල්ල සහ නාග­ල­ගං­වී­දියේ ජල මට්ටම් විශාල ප්‍රමා­ණ­ය­කින් වැඩි නොවනු ඇතැයි අපේක්‍ෂා කරන අතර, ගඟේ ජල මට්ටම් ඉතාම සෙමින් වැඩි­වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා ඊයේ (30) ‘දින­මිණ’ට කීවේය.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අද පෙර­ව­රුව වන­විට ප්‍රධාන ගංගා­වල බැස්ම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරෙ­නවා. හංවැල්ල ජල මාප­කය ඊයේ (30) උප­රිම මට්ට­මට ළඟාවී බැස්ම ආරම්භ වුණා. නාග­ල­ගං­වී­දිය ජල මාප­කය ද අද පෙර­ව­රුව වන විට උප­රිම මට්ට­මට පැමි­ණෙ­තැයි අපේක්ෂා කෙරෙ­නවා. අන­තු­රුව ජල බැස්ම ආරම්භ වෙනවා.

මහ­වැලි ගඟේ මන­ම්පි­ටිය ප්‍රදේ­ශ­වල ජලය අඩු­වෙ­මින් තිබෙ­නවා. නමුත් උප­රිම මට්ටම් පහ­ළට තල්ලු වී යෑමක් දක්නට ලැබෙ­නවා. ඉතාම බාධක මැද ජල බැස්ම සිදු වන නිසා කාලය පිළි­බඳ ගැටලු මතු වෙනවා. ගඟේ ජලය අඩු වෙන ප්‍රමා­ණය මත ජල බැස්මේ කාලය තීර­ණය වෙනවා. තවත් සති­යක් යන­තුරු ගංගා­වල ජල මට්ටම ඉහළ තත්ත්ව­යක පැව­තිය හැකියි.

මේ අතර කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේ­ශ­වල බොහෝ ස්ථාන­ව­ලට වර්ෂා­ප­ත­නය ලැබෙ­මින් පව­තින නිසා තව­දු­ර­ටත් සැල­කි­ල්ලෙන් පසු­වන ලෙස වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා.”

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ