විදුලිබලය සැපයීම ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරයි

විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති සෙසු සේවා අතරට ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අයත්.

එමෙන්ම රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවාද ඊට අයත්ය.