කළු ගඟ ද්‍රෝණිය වෙත මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ කළු ගඟ ද්‍රෝණිය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරනු ලබන ජලමාපක දත්ත විශ්ලේෂණය අනුව, ඉදිරි පැය කිහිපය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇති වන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටිනවා.
මේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපෑම් එල්ල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන්ගෙන් ඉල්ලා සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.









