දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද උදෑසන 6.30 වන විට ජලාශවල ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම වාර්තාව අනුව ගුරුගොඩ ඔය, මහවැලි ගඟ පේරාදෙණිය ප්රදේශය, මැණික් ගඟ, මල්වතු ඔය, දැදුරු ඔය, සීතාවක ගඟ සහ මහ ඔය ප්රදේශ සඳහා අධි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම කැළණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ, මහවැලි ගඟ නාවලපිටිය ප්රදේශය, යාං ඔය සහ මහ ඔය බඩල්ගම, අත්තනගලු ඔය ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම ප්රදේශ කිහිපයක් සඳහා අවධානයෙන් සිටින ලෙසටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අදාළ වාර්තාව පහතින්.









