දිවයිනට බලපාන ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් ගුවන් මගීන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ගුවන් තොටුපළට යාමට පෙර www.srilankan.com වෙබ් අඩවියෙන් නවතම ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කර පැමිණෙන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.
එසේ නොමැති නම්, 1979 ක්ෂණික දුරකථන අංකයට හෝ +94 117 771 979 යන අංකය අමතා තොරතුරු ලබාගන්නා ලෙසද ශ්‍රීලන්කන් ගුවන් සේවය සදහන් කර සිටිනවා.
කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල, ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගත් බවයි ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.








