සියලුම දුම්රිය ධාවනය අත්හිටුවයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අද (28) උදෑසන 6.00 න් පසුව සියලුම මාර්ගවල දුම්රිය සේවා අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කෙසේ නමුත්, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන පිරිස් වෙත සීමිත දුම්රිය වාර ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.