ගල් ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අංක 01 හි සඳහන් කළ අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම මී ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අංක 01 හි සඳහන් කළ අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මුන්දෙනිආරු ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අංක 01 හි සඳහන් කළ අනතුරු ඇඟවීම ද ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසු වන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.










