කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිට කරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපක වල ජල මට්ටම් විශ්ලේෂණය අනුව , ඉදිරි පැය 48 ක කාලය තුළ ප්‍රදේශ කිහිපයකට කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැළණිය, වත්තල, කොළඹ යන ප්‍රදේශවලට මෙම අනතුරු අඟවීම නිකුත් කර තිබෙනවා.
මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශ වල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් හා මගීන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.








