අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කටුනායකට පැමිණි ගුවන් යානා කිහිපයක් හරවා යවයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කටුනායකට පැමිණි ගුවන් යානා කිහිපයක් හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මත්තලට හා ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් ගුවන්තොටුපළට මෙලෙස හරවා යැවීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානාවල ප්‍රමාදයක් ඇති වී තිබෙන බවයි තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.