අද උදෑසන වන විට විදුලි බිඳ වැටීම් 65,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබුණු බවත්, මේ වන විට එයින් 26,000 කට ආසන්න ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
අයහපත් කාලගුණය නිසා ගස් කඩා වැටීම්, කනු කඩා වැටීම් වැනි අනතුරු සිදුවීමෙන් බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම අඩාල වෙමින් පවතින බවත්, වැඩි වැඩියෙන් අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදවමින්, කාර්යක්ෂමව මේ සියලු බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ලංකා විදුලි මණ්ඩලයේ පාලනාධිකාරිය සමග සියලුම සේවකයන්ගේ මැදිහත් වී අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.
දැඩි වර්ෂාව නිසා සියලුම බලාගාර ආශ්රිත ජලාශ බහුතරයක් වාන් දමමින් පවතින බව ද, ඒ තත්ත්වයන් සියල්ලම පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා පවසා සිටියා.
බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමටද කාලගුණ තත්ත්වයම බලපෑම් එල්ල කරමින් පවතින බවත්, දැඩි සුලඟ සහ වර්ෂාව නිසා ගස් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ද යම් මට්ටමකට ප්‍රමාද වෙමින් පවතින බවත්, නමුත්, සිය උපරිම සේවාව ජනතාව වෙත ලබාදීමට කටයුතු කරමින් පවතින බවයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කර සිටියේ.








