රටට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) පෙරවරු 10.00 පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ.








