පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන උඩරට මාර්ගයේ ධාවනය වූ සියලුම දුම්රිය කොළඹ කොටුව – නානුඔය සහ නානුඔය – කොළඹ කොටුව අතර දක්වා පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (27) උදෑසන කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත පොඩි මැණිකේ (පෙ.ව. 5.55), උඩරට මැණිකේ (පෙ.ව. 8.30) සහ පෙ.ව. 9.45 ට පිටත්වීමට නියමිත දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මහනුවරින් බදුල්ල දක්වා ගමන් කරන Kandy Odyssey (පෙ.ව. 9.40) දුම්රිය ද නානුඔය දක්වා පමණක් ධාවනය වන අතර, උඩරට මැණිකේ (පෙ.ව. 9.20), Kandy Odyssey (පෙ.ව. 11.00), පොඩි මැණිකේ (ප.ව. 12.15) සහ ප.ව. 2.16 යන දුම්රිය නානුඔයේ සිට ගමන් ආරම්භ කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.








