පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (27) සහ හෙට (28) දිනයේ උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අද සහ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විෂයයන්වලට අදාළ විභාග පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයන් හි තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.








