හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් මේ වන විට පුද්ගලයින් 44 ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එසේම තවත් පුද්ගලයින් 279 ක් අතුරුදහන් වී ඇති බවයි එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පැය 18 ක් පුරා ඇවිලෙන මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන භටයින් 800 කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා.
මේ අතර මෙම ගින්න සම්බන්ධයෙන් අදාළ නිවාස සංකීර්ණය ඉදිකරන ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සමාගමේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් සහ ඉංජිනේරු උපදේශකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.









