බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11 ක් ජීවිතක්ෂයට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම, ගලඋඩ සහ කහටරුප්ප යන ප්‍රදේශවල මෙම නාය යෑම් සිදු වී ඇති අතර, මේ හේතුවෙන් තවත් පුද්ගලයින් 07 ක් පමණ අතුරුදන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කරන්නේ.