ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් ?

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (27) ප.ව. 2ට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකරමින් ඔවුන් පවසා සිටියේ, පීඩන අවපාතතය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් තිබෙන බවය.

මේ වනවිට පීඩන අවපාතය මඩකලපුවේ සිට පැ.කි.මි. 120ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. 

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ දැක්වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස මේ වනවිට වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.