නැවත දැනුම් දෙනතුරු මුහුදු නොයන්නැයි ධීවරයින්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කරනවා.
දැනට දිවයිනේ පවතින සුළං තත්වය ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් මේ තත්ත්වය පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.








