ප්‍රදේශ කිහිපයකට අදාළව නායයෑම් පූර්ව රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ඊට අයත්.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිල්දන්ඩාහින්න, මතුරට සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා රතු අනතුරු ඇඟවීම් (3 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්) නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය මගිනුයි මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ.








