වාහන ආනයනය ස්ථාවර තත්ත්වයකට – මිල ගණනුත් පහළට

නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වලදී වාහන ආනයනය යම්කිසි ආකාරයකට ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ මේ වනවිට රථවාහන මිල ගණන්ද අඩු වී ඇති බවය.

අද (26) පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුදයෙන් පසු මෙරට උපයන ලද ඉහළම සංචිත ප්‍රමාණය මෙම වසර අවසානයේ දී වාර්තා කළ හැකි බවත් ඒ මහතා එහිදී පැවසීය.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 5වැනි වාරිකය දෙසැම්බර් 15 වනදා අනුමත වන අතර ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන්ද මුල්‍යම සහායක් දෙසැම්බර් මාසයේ දී ලැබීමට නියමිති බවයි.

 විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායමද වසර අවසානය වන විට ඉහළ යන බැවින් අදාල ඉලක්කය කරා යාමට හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

“එක එක මත සාකච්ඡා වෙනවා අපේ සංචිත ගොඩනැගීම සහ විනිමය අනුපාතය ගැන. විශේෂයෙන් පසුගිය දවස්වල ඒකට හේතු වුණේ විනිමය අනුපාතය යම්කිසි වෙනසක් අපි දකින්නේ එය විනිමය අනුපාතය තීරණය වෙන්නේ වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම සහ ඒ අනුව එත්එක්කම කොච්චර විදේශවිනිමය උපයනවාද කොච්චර විදේශවිනිමය වැය වෙනවාද යන කරුණ මත. එහෙම වුණේ විනිමය අනුපාතය පහුගිය අවස්ථාවක යම්කිසි ආකාරයක වෙනස් වීමක් තිබුණා. නමුත් එක සැරේටම අපේ වගකීමක් තියනවා volatility එක අනවශ්‍ය විදිහට වැඩිනම් මහ බැංකුව හැම තිස්සෙම මැදිහත් වෙනවා වෙළඳපොළට. volatility එකට මැදිහත් වෙලා අපි ඒක සමනය කරනවා. එතකොට පහුගිය දවස් වල එහෙම තිබිලා අපි මැදිහත් වෙලා, විශේෂයෙන් එක දවසක් තිබුණා පැය දෙකක් වගේ ඇතුලත රුපියල් 2.50කින් විතර මේක එක සැරේටම transaction දෙකකින් විනිමය අනුපාතිකය වෙනස් වෙන්න ගත්තා. අපි ඒ වෙලාවේ මැදිහත් වෙලා ඒක ස්ථාවර කළා. ඊට පස්සේ අපි දකිනවා ඒ තුළ යම් යම් ආකාරයේ market එකේ එක එක සමහර දේවල් factor කරාම විශේෂයෙන්ම වාහන අපනයනය වැඩි වෙලා කියලා තිබුණා. ආනයනය වැඩි වෙලා කියලා මතයක් තිබුණා අපේ සාමාජයේ. සංචිත ගැන තිබුණා. ඉතින් ඒ වගේ මත අනුව සමහර වෙලාවට වෙනස් වෙනවා. එතන දි තමයි අපි මැදිහත් වෙලා මේක සමනය කරන්නේ. දැන් විනිමය අනුපාතය යම් කිසි ආකාරයකට ස්ථාවර වෙලා තියනවා. සංචිත ගොඩ නැගීමේ දී පැහැදිලිව අපි සඳහන් කළා IMF එකත් එක්ක යම්කිසි target එකක් තියනවා දළ සංචිතවල. ඉතින් අපි ඒ මට්ටමට යනවා.” 

“‍පළවෙනි එක තමයි පහුගිය දවස්වල අපි දැක්කා වාහන ආනයනය විවෘත කළාට පස්සේ ජූලි මාසේ ඉදලා එක සැරේට LC Open කරන එක වැඩි වෙලා, යම්කිසි ආකාරයක වාහන ආනයනය වැඩි වුණා. දැන් දකිනවා LC ඒ විවෘත කරපු දත්ත සීඝ්‍රයෙන් පහළ වැටීගෙන යනවා. නොවැම්බර් මාසයේ, දෙසැම්බර් මාසයේ සංසන්දනය කරනකොට ජූලි, අගෝස්තු සීඝ්‍රයෙන් ඒක අඩු වෙනවා. ඒත් එක්කම වාහන ආනයන මිලත් යම්කිසි ආකාරයකට නොවැම්බර්, දෙසැම්බර් මාසවල අඩුවේගෙන යනවා. එතකොට අපි දකිනවා ඒක වෙළඳපොළේ ස්ථාවරත්වයකට පත්වෙනවා. එතකොට ඉදිරියට යද්දි අපි දකින්නේ Pent-up demand එකෙන් දැන් ගැලවිලා ඉවරයි. දැන් ස්ථාවර වෙලා වාහන මිලත් අඩු වෙලා තියනවා. වාහන ආනයනයත් යම්කිසි ආකාරයකට ස්ථාවර වෙලා තියනවා. එතකොට ඉදිරියට යනකොට විශේෂයෙන් දෙසැම්බර් මාසයේ remittances වැඩි පුර එන export conversion වැඩි වෙන සංචාරක remittances වැඩි වෙන මාසයක්. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 5 වෙනි වාරිකය දෙසැම්බර් 15 වෙනිදා අනුමත වෙනකොට එතනින් මිලියන 340ක් විතර ලැබෙන්න තියනවා. ඊටත් අමතරව ADB එකේ agreement එක අත්සන් කළා මේ මාසේ මුදල් අමත්‍යාංශයෙන් budget support මිලියන 370ක්. ඒක ලැබෙන්නෙත් ලබන මාසේ. ඒකයි World Bank එකෙනුත් ගානක් ලැබෙන්න තියනවා. එතකොට ඒක එකතු කළාම ලබන මාසේ සාමාන්‍යයෙන් රජයට ලැබෙන්න තියනවා මිලියන 750ක් විතර ප්‍රමාණයක්. ඒක ලැබෙනවත් එක්කම අපි දෙසැම්බර් අග වෙනකොට සංචිත ප්‍රමාණය crisis එකෙන් පස්සේ තිබ්බ වැඩිම ප්‍රමාණය ලෙස අවුරුද්ද අවසන් කරන්න පුළුවන්. මෙතෙක් තිබුණ වැඩිම සංචිත, gross official reserves වැඩි වෙනවා ඒ මට්ටමට. අවුරුද්දේ අවසන් ඉලක්කය අපි පහසුවෙන් ළඟා කරගන්නවා.” 

එමෙන්ම එළැඹෙන වසරේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කල විමසීමකටද ඒ මහතා පිළිතුරු ලබා දුන්නේය.

ප්‍රශ්නය – වාහන ආනයනය සම්බන්ධයෙන් ඩොලර් බිලියන 1.2ක ඇස්තමේන්තුවක් තමයි මුලදී මහ බැංකුව කරලා තිබුණේ. යම්කිසි ආකාරයක රජයත් කියනවා එළැඹෙන වසරේ දී වාහන ආනයනව මන්දගාමි වෙන්න පුළුවන් කියලා. මහ බැංකුවේ පුරෝකථනය මොකක්ද ලබන අවුරුද්දේ මොන වගේ ප්‍රමාණයක් මේ වෙනුවෙන් වැඩි වෙයි කියලාද ?

පිළිතුර –  “ලබන අවුරුද්දේ, දැනට අපි පුරෝකථනය කරලා නැහැ, ඊළඟ ප්‍රතිපත්ති විවරණයේ දී ලබන අවුරුද්දේ පුරෝකථනය ගැන අපි කතා කරනවා. දැනට අපි හිතන්නේ මේ තියන අපි අර කියන්නේ Pent-up demand එක ඇවිල්ලා ඉවරයි මේ වෙද්දි. එතකොට මේක slowdown අඩුවේගන යන්නේ. එතකකොට සාමාන්‍ය මට්ටමට ලබන අවුරුද්ද අන්තිම වෙද්දි සාමාන්‍ය අවුරුද්දක් වෙයි වාහන ආනයන, අපනයන සඳහා. ඒක කොච්චරද කියලා යම් කිසි පුරෝකථනයක් Monetary Policy වැඩ වලට තියනවා. ඒක තවදුරටත් මේ අවුරුද්ද අවසානයේ කොහොමද තියෙන්නේ කියලා බැලුවහම ඊලඟ අවුරුද්ද ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි.”