මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙහි බාලේ’ නමැත්තාට අයිති ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව, දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම යාත්‍රාවන් හි වටිනාකම රුපියල් මිලියන 200 ක් පමණ වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








