ගංගා­වල ජල මට්ටම ගංව­තුර අව­දා­න­මට නඟී

ප්‍රධාන ගංගා­වල ජල­ම­ට්ටම් ඉතා­මත් ඉහළ මට්ට­මක පව­තින බැවින් හදිසි වර්ෂා­වක දී ගංව­තුර තත්ත්ව­යක් ඇති වීමේ අව­දා­න­මක් ගංව­තුර සඳහා සූදා­නම් වීමේ පූර්ව අන­තුරු ඇඟ­වී­මක් නිකුත් කර­මින් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව අන­තුරු හඟවා තිබේ.

නිවේ­ද­න­යක් නිකුත් කර­මින් එම දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කර ඇත්තේ, දකුණු අන්ද­මන් මුහුදු ප්‍රදේ­ශය ආස­න්නව වර්ධ­නය වෙමින් පව­තින අඩු­පී­ඩන කලා­පය හේතු­වෙන් දිව­යිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂා­ප­ත­න­යක් ඇති විය හැකි බවය.

දිව­යි­නට ඉහ­ළින් තිබෙන අඩු පීඩන කලා­පය සහ දකුණු අන්ද­මන් දූපත් අසල තිබෙන පීඩන අව­පා­තය හේතු­වෙන් අද 26 සිට 30 දින දක්වා පමණ දිව­යිනේ ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට මි.මී 150ට වැඩි වර්ෂා­ප­ත­න­යන්, සුළං තත්ත්වයේ වැඩි­වී­මක් ඇති­විය හැකි බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අතුල කරු­ණා­නා­යක මහතා පැවැ­සීය.

එම නිසා ඒ පිළි­බඳ වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව මගින් නිකුත් කරන පූර්ව ගංව­තුර අන­තුරු ඇඟ­වීමේ නිවේ­දන සම්බ­න්ධ­යෙන් දැඩි අව­ධා­න­යෙන් පසු­වන ලෙස ගංඟා­වල පහත් නිම්න­යන්හි පදිංචි ජන­තාව හා අදාළ ප්‍රදේශ හරහා ගමන් කරන ජන­තා­ව­ගෙන් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව ඉල්ලා සිටී. ජලාශ ගණ­නා­වක් වාන් දම­මින් පවතී.

පව­තින අය­හ­පත් කාල­ගු­ණය හේතු­වෙන් නැ‍ඟෙන­හිර, මධ්‍යම, ඌව පළා­ත්ව­ලත් පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කය සඳහා අද පස්ව­රුව දක්වා වලං­ගු­වන පරි දී තද වැසි පිළි­බඳ අන­තුරු ඇඟ­වීමේ රතු නිවේ­ද­න­යක් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කර තිබේ. තද වැසි සමඟ ඇති­විය හැකි තද සුළං සහ අකුණු මගින් සිදු­වන අන­තුරු අව­ම­කර ගැනී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙසද කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී.

පව­තින අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බ­න්තොට, කළු­තර, මහ­නු­වර, කෑගල්ල, කුරු­ණෑ­ගල, මාතලේ, මාතර, නුව­ර­එ­ළිය, රත්න­පුර දිස්ත්‍රි­ක්ක­වල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස ගණ­නා­වක් සඳහා ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය නාය­යාම් පිළි­බඳ අන­තුරු ඇඟ­වීමේ නිවේ­දන නිකුත් කර තිබේ. අද (26) පස්වරු 2.30 දක්වා මෙම අන­තුරු ඇඟ­වීම් වලංගු වේ.

පව­තින අය­හ­පත් කාල­ගු­ණය හේතු­වෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ග­ල­යන් 2617ක් ඊයේ (25) පෙර­ව­රුව වන විට බල­පෑ­මට ලක්ව ඇති බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සිය දෛනික තත්ත්ව වාර්තාව නිකුත් කර­මින් සඳ­හන් කරයි. මිය­ගිය ගණන 10කි. තුවාල ලැබූ­වන් සංඛ්‍යාව 07කි. පූර්ණ නිවාස හානි 03ක් බවත් අර්ධ නිවාස හානි 242ක් බවත් එහි සඳ­හන් වේ.

ඊයේ (25) පෙර­වරු 8.30න් අව­සන් වූ පැය 24 තුළ උප­රිම වර්ෂා­ප­ත­නය මි.මී.146.1ක් ලෙස අම්පාර දිස්ත්‍රි­ක්කයේ අක්ක­රෙ­යි­ප­ත්තුව ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය. විදුලි බලා­ගාර ආශ්‍රිත ජලා­ශ­ව­ලට ද සැල­කිය යුතු වර්ෂා­ප­ත­න­යක් ලැබී ඇත.

උපාලි කරු­ණා­රත්න