පාසල්වලට අවශ්‍ය පහසුකම් ලබාදීමේදී අවශ්‍ය පහසුකම් ලබා දෙනවා මිස එය ජාතික පාසලක් ද, පළාත් පාසලක් ද යන්න කෙරෙහි අවධානය යොමු නොකරන බව අගමැතිනි, අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළාය.
සියලුම පාසල්වලට අවශ්‍ය පහසුකම් එක සේ ලබාදිය යුතු බව වත්මන් රජයේ මතය බව ද සියලුම පාසල්වල අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය පහසුකම් ලබාදීම සිදු විය යුතු බව ද අගමැතිවරිය සඳහන් කළාය. අගමැතිනිය මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය මෙසේ ද සඳහන් කළාය,
“අධ්‍යාපන කලාප තීරණය කිරීමේදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුකරනවා. සම්පත් බෙදී යෑම, භූගෝලීය සාධක, භූමි ප්‍රදේශය ආදිය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. අපි ඉදිරියට කරන සමාලෝචන හරහා මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරනවා. නිර්ණායක සියල්ල සලකා බලා හොඳම විසඳුමක් ගේන්න බලමු.”
අපි ජාතික පාසල්, පළාත් පාසල් කියා වෙන්කිරීම ඇත්තටම අපි ප්‍රතික්ෂේප කරනවා. සියලුම පාසල්වල අවශ්‍යතා හඳුනාගෙන සමව ඒවා වෙනුවෙන් මැදිහත්වීමයි අපගේ බලාපොරොත්තුව.”








