රට පුරා මාර්ග සංව­ර්ධ­න­යට අය-වැයෙන් විශාල මුද­ලක්

උතුරු නැඟෙ­න­හිර ඇතුළු රට පුරා මාර්ග සංව­ර්ධ­නය සඳහා අය-වැයෙන් විශාල මුද­ලක් වෙන්කර ඇති බව සභා­නා­යක, ප්‍රවා­හන, මහා­මාර්ග, නාග­රික සංව­ර්ධන ඇමැති බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (24) පැව­සීය.

විස­ර්ජන පනත් කෙටු­ම්පත කාරක සභා විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ඇමැ­ති­ව­රයා මෙසේ ද පැව­සු­වේය.

“ස්ත්‍රී ප්‍රච­ණ්ඩ­ත්ව­යට විරු­ද්ධව අද විශේෂ දින­යක් වෙලා තිබෙ­නවා. අද පාර්ලි­මේන්තු මන්ත්‍රි­නි­යන් හැමෝම වගේ තැඹිලි පාටින් ඇඳ­ගෙන ඇවිත්. පිරිමි කවු­රුත් ඒ පාට ඇඳ­ගෙන ඇවිත් නැහැ. ඒ නිසා අපි ඉබේම වැර­දි­ක­රු­වන් වෙලා වගේ. දරු­වන්ට කාන්තා­වන්ට වැඩිම හිංස­න­යන්ට මුහුණ දෙන්න වෙනවා. එය විශාල ගැට­ලු­වක්.

ප්‍රවා­හ­නය තුළ කාන්තා­වන්ට දරු­වන්ට සිදු වන හිංසා වැඩි වෙලා තිබෙ­නවා. වැද­ගත් විදි­යට පොළොවේ පය ගහලා ප්‍රශ්න ඉදි­රි­පත් කිරීම ගැන මරි­ක්කාර් මන්ත්‍රී­ව­ර­යාට මම ස්තුති­වන්ත වෙනවා.

ප්‍රවා­හන, මහා­මාර්ග, නාග­රික සංව­ර්ධන සමස්ත අමා­ත්‍යාං­ශය මේ වසරේ දෙසැ­ම්බර් 31 වන විට 82%ත් 88%ත් අතර ප්‍රග­ති­යට එන්න පුළු­වන් වෙයි කියලා හිත­නවා. දැනට අය-වැය යෝජනා 29ක් යටතේ 2026 වසර සඳහා අම­ත­රව රුපි­යල් බිලි­යන 52ක් ලබාදී තිබෙ­නවා. මේවා ඇස්ත­මේන්තු කරලා ජන­වාරි 01 වැනි­දාට ගියර් මාරු කිරීම තමයි එක විස­ඳු­මක්.

අධි­වේ­ගය 90%ක් අව­සන් කරන ඇස්ත­මේන්තු හදන්න අපේක්ෂා කර­නවා. දෙසැ­ම්බර් 31 වන විට සමස්ත අමා­ත්‍යාං­ශ­යේම මූලික ඇස්ත­මේන්තු 70%ක් හදා අව­සන් කිරී­මට පිය­වර ගන්නවා. අපට වැඩි­පුර මුදල් තිබෙ­නවා. ඒ හා සමා­නව විය­දම් කිරී­මට සුදුසු නිල­ධා­රීන් තෝරා­ගත යුතුයි. අමා­ත්‍යං­ශයේ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය තමයි ගැට­ලුව.

පසු­ගිය වසර තුළ දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට 1005ක්, ගම­නා­ග­මන මණ්ඩ­ල­යට 762ක්, මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තු­වට 28ක්, ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභා­වට 14ක්, මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යට 1503ක්, නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යට 144ක්, ඉඩම් සංව­ර්ධන කිරීමේ ආය­ත­න­යට 72ක්, සහා­ධි­පත්‍ය කළ­ම­නා­ක­රණ අධි­කා­රි­යට 48ක් ලෙස නිල­ධා­රීන් 3,975ක් වස­ර­කට අඩු කාල­යේදී බඳ­වා­ගෙන තිබෙ­නවා. ඉදි­රි­ය­ටත් බඳවා ගැනීම් සිදු කර­නවා.

ග්‍රාමීය මාර්ග හැදී­මට බිලි­යන 22.29ක ඇස්ත­මේන්තු අනු­මත කර තිබෙ­නවා. මධ්‍යම අධි­වේගී මාර්ගය නැවත ආරම්භ කිරී­මට හැකි­වීම අපි ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක්. රුව­න්පුර, දඹුල්ල අධි­වේගී මාර්ග­වල ඉඩම් අත්පත් කර­ගැ­නී­මට මුදල් වෙන්කර තිබෙ­නවා.

උතුරු නැඟෙ­න­හිර පළාත් වෙනු­වෙන් විශාල මුද­ලක් වෙන් කර තිබෙ­නවා. කෝටි 380ක් වතු­ක­රයේ පාර­වල් හැදී­මට පම­ණක් වෙන්කර තිබෙ­නවා. ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ල­යට බිලි­යන හය­හ­මා­රක් ලබාදී තිබෙ­නවා. මෙට්‍රෝ සේවය ආරම්භ කිරී­මට සැල­සුම් කර තිබෙ­නවා. කොළඹ නග­රයේ ප්‍රධාන මහල් නිවාස 25ක් තිබෙ­නවා. ඔවුන්ට ලබා­දිය හැකි පහ­සු­කම් හැකි ඉක්ම­නින් දෙනවා. ප්‍රධාන නගර 10ක් සැල­සුම් කරලා ගොඩ­නැ­ඟී­මට පිය­වර ගන්නවා. ලංකාවේ නගර 100ක්වත් දියුණු කරන්න අපි කට­යුතු කර­නවා.”