සිය­ලුම පාස­ල්ව­ලට අවශ්‍ය පහ­සු­කම් එක සේ ලබා­දෙ­නවා

පාස­ල්ව­ලට අවශ්‍ය පහ­සු­කම් ලබා­දී­මේදී අවශ්‍ය පහ­සු­කම් ලබා දෙනවා මිස එය ජාතික පාස­ලක් ද, පළාත් පාස­ලක් ද යන්න කෙරෙහි අව­ධා­නය යොමු නොක­රන බව අග­මැ­තිනි, අධ්‍යා­පන අමාත්‍ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (24) ප්‍රකාශ කළාය.

සිය­ලුම පාස­ල්ව­ලට අවශ්‍ය පහ­සු­කම් එක සේ ලබා­දිය යුතු බව වත්මන් රජයේ මතය බව ද සිය­ලුම පාස­ල්වල අව­ශ්‍යතා හඳු­නා­ගෙන අවශ්‍ය පහ­සු­කම් ලබා­දීම සිදු විය යුතු බව ද අග­මැ­ති­ව­රිය සඳ­හන් කළාය. අග­මැ­ති­නිය මේ බව සඳ­හන් කළේ, පාර්ලි­මේන්තු මන්ත්‍රී ඉම්රාන් මහ­රුෆ් මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අග­මැ­ති­ව­රිය මෙසේ ද සඳ­හන් කළාය,

“අධ්‍යා­පන කලාප තීර­ණය කිරී­මේදී කරුණු ගණ­නා­වක් සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු­ක­ර­නවා. සම්පත් බෙදී යෑම, භූගෝ­ලීය සාධක, භූමි ප්‍රදේ­ශය ආදිය ඇතුළු කරුණු ගණ­නා­වක් සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර­නවා. අපි ඉදි­රි­යට කරන සමා­ලෝ­චන හරහා මේ සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු­ක­ර­නවා. නිර්ණා­යක සියල්ල සලකා බලා හොඳම විස­ඳු­මක් ගේන්න බලමු.”

අපි ජාතික පාසල්, පළාත් පාසල් කියා වෙන්කි­රීම ඇත්ත­ටම අපි ප්‍රති­ක්ෂේප කර­නවා. සිය­ලුම පාස­ල්වල අව­ශ්‍යතා හඳු­නා­ගෙන සමව ඒවා වෙනු­වෙන් මැදි­හ­ත්වී­මයි අපගේ බලා­පො­රො­ත්තුව.”