වීරෝදාර රණවිරුවන් කළ කැපකිරීම අගය කරමින් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (ශ්‍රී.පො.පෙ.) පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නාමල් රාජපක්ෂ මහතා,
“රටේ ආර්ථිකයට ඉතා වැදගත් අමාත්‍යාංශ දෙකක් විවාද කරනවා. ජනාධිපතිතුමාට සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආබාධිත රණවිරුවන් ගැනත් කතා කළ යුතු වෙනවා. හමුදා සහ පොලිස් රණවිරුවන්ගේ ගැටලුවලට ආණ්ඩුව මැදිහත් වෙනවා ද? ඔවුන්ට අසාධාරණයක් සිදුව තිබෙනවා. ජනාධිපතිවරයා නොසිටියත් නියෝජ්‍ය ඇමැතිවරයා ඉන්නවා.
රණවිරුවා කළ කැපකිරීම රණවිරුවෙක් ලෙස දකින්න. මෙතන ඉන්නේ 14,000ක් වැනි පිරිසක්. සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න. ඊට ප්‍රායෝගික විසඳුමක් ලබාදෙන්න. පාරවල් සම්බන්ධයෙන් කතා කරාම එදා කාපට් කන්න ද කියා ඇසුවා. 2005න් පසුව පාරවල් හැදුවා. 76 වසරක ශාපයක් ගැන කියනවා. අධිවේගී කිලෝමීටර් 250ක් හදා තිබෙනවා. ඒ සහ බී ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 25,000ක් හදා තිබෙනවා. දිනකට කිලෝ මීටර් 12.7ක් ඉදිකර තිබෙනවා.
අවුරුදු 9ක් සහ දින 50ක කාලය තුළ ඒ කටයුතු සිදුව තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය නිවාස 20,000ක් ඉදිකර තිබෙනවා. 68,000ක් කොළඹ නගරයේ පැල්පත් නිවාස තිබෙනවා. වතු කියන නම ඉවත් කොට මහල් නිවාසවලට යන්න කටයුතු කළා. 2020 වන විට 18,000ක් පදිංචි කර තිබෙනවා.”








