මා පිය රැකවරණ දීමනාව අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන වාර්තා අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශය

රණවිරු දෙමාපියන්ට ලබාදෙන “මා පිය රැකවරණ දීමනාව” අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, එම දීමනාව රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශයේ මැදිහත් වීමෙන් අඛණ්ඩව ලබාදීම සිදු කරනු ලබන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම දීමනාව යටතේ සුදුසුකම්ලත් දෙමාපියන්ට, එක් අයෙකුට රු. 750.00 බැගින් වූ මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

 news images news images