යාපනය, පොන්නාලේකඩ්ඩුවාන් ප්‍රදේශයේ පිහිටි මත්පැන් ශාලාවකදී පහරදීමක් සිදුකර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු කන්කසන්තුරේ පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට පෙර දිනයේ රාත්‍රියේදී මෙම මත්පැන් ශාලාව තුළදී හටගත් ගැටුමකදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් පොල්ලකින් එක් පුද්ගලයෙකුට පහරදීම නිසා ඔහු බරපතල තුවාල ලබා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.








