කිළිනොච්චිය, පුනරීන් නල්ලූර් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක නියෝජ්‍ය ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි අද (24) සිට අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව, ඔහුට එම විභාග ශාලාවට ඇතුළු වීමද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නියෝජ්‍ය විභාග මධ්‍යස්ථානාධිපතිවරයා නොවැම්බර් 21 වන දින රාජකාරි කටයුතු සඳහා විභාග ශාලාවට පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්ව සිටියදී බවත්, ඔහු එලෙස සේවය කරමින් සිටියදී විභාග මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි තවත් දෙදෙනෙකු සමඟ ප්‍රශ්නයක් ඇති කරගෙන කලහකාරී ලෙස හැසිරී ඇති බවත් අප වාර්තාකරු පවසනවා.
එහිදී මේ සම්බන්ධයෙන් බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුව, නියෝජ්‍ය මධ්‍යස්ථානාධිපතිවරයාට එරෙහිව මූලික පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
එම පරීක්ෂණයේදී ඔහු බීමත්ව සිටි බවට සනාථ වීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව විභාග රාජකාරිවලින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
විභාග රාජකාරිවලින් ඉවත් කිරීමෙන් පසු, අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමින් මෙම නිලධාරියාට එරෙහිව වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.








