විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විරෝධතාවක

විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් අද (24) පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත වී තිබෙනවා.

සිය විශ්‍රාම වැටුප තමන් මිය ගිය පසු කිසිදු කප්පාදුවකින් තොරව යැපෙන්නන් හට ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වී ඇති බවයි සඳහන් වෙන්නේ.

විරෝධතාවෙන් අනතුරුව පිරිස පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් ඔවුන් වැළැක්වීමට උත්සාහ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.