බස් ගාස්තුව බැංකු කාඩ්පතින් ගෙවීමේ වැඩපිළිවෙළ මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයෙන් අද (24) සිට ආරම්භ වේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ වන අතර, ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය මෙය ක්‍රියාත්මක කරයි.
බස් ගාස්තු දුන් පසු ඉතිරි මුදල් නොදීම විශාල ගැටලුවක් වීම හේතුවෙන් ඊට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පත් ඔස්සේ බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බව මේ සම්බන්ධයෙන් ඊයේ (23) ‘දිනමිණ’ට අදහස් දක්වමින් ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය.
බැංකු කාඩ්පත් ඔස්සේ බස් ගාස්තු ගෙවීමට විශාල ඉල්ලීමක් ද ලැබුණු බවත්, ඒ අනුව මේ පියවර ගත් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
සුභාෂිණී සේනානායක








