බස් ගාස්තුව බැංකු කාඩ්ප­තින් ගෙවීම අද සිට

බස් ගාස්තුව බැංකු කාඩ්ප­තින් ගෙවීමේ වැඩ­පි­ළි­වෙළ මාකු­ඹුර බහු­විධ මධ්‍ය­ස්ථා­න­යෙන් අද (24) සිට ආරම්භ වේ. ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති බිමල් රත්නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙය ආරම්භ වන අතර, ඩිජි­ටල් අමා­ත්‍යාංශ සහ ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය මෙය ක්‍රියා­ත්මක කරයි.

බස් ගාස්තු දුන් පසු ඉතිරි මුදල් නොදීම විශාල ගැට­ලු­වක් වීම හේතු­වෙන් ඊට විස­ඳු­මක් ලෙස මෙසේ බැංකු කාඩ්පත් ඔස්සේ බස්‍ ­ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බව මේ සම්බ­න්ධ­යෙන් ඊයේ (23) ‘දින­මිණ’ට අද­හස් දක්ව­මින් ඇමැති බිමල් රත්නා­යක මහතා පැව­සීය.

බැංකු කාඩ්පත් ඔස්සේ බස් ගාස්තු ගෙවී­මට විශාල ඉල්ලී­මක් ද ලැබුණු බවත්, ඒ අනුව මේ පිය­වර ගත් බවත් ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

සුභා­ෂිණී සේනා­නා­යක