මම අරගලය මර්දනය කරා කියලා විදෙස් මාධ්‍ය කිව්වා, කොච්චර මර්දනය කරාද කියනවා නම් ඊළඟ මැතිවරණයෙන් මම පැරදුණා – රනිල්

විදෙස් බලවේගයන්ට යට නොවී රට තුළ අරගලය සමඟ මතුවූ අර්බුදය ශ්‍රී ලංකාව තුළම විසඳා ගැනීමට හැකි වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව අරගලය අවස්ථාවේදී තමා අරගලය මර්දනය කිරීමට කටයුතු කළ බවට BBC, Al Jazeera වැනි නාලිකා ප්‍රකාශ කළ බවත්, කොතෙක් දුරට අරගලය මර්දනය කළේද යත් තමා ඊළඟට පැවති මැතිවරණයෙන්ද පරාජයට පත් වූ බවත්, එවැනි සාර්ථක මර්දනය කිරීමක් තමා දැක නොමැති බවද ඊයේ (20) උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව තුළම මෙම ගැටලුව විසඳා ගැනීම හරහා අමාරු තීරණ ගත්තද, කිසිවෙකුගේ ජීවිතයකට හානියක් නොවූ බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.