කොටහේන වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේ ඉකුත් (07) වැනිදා වෙඩි තබා කළ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 450 ක්ද සොයා ගත්තා.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මතයි වත්තල, තෙළඟපාත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මෙම සැකකරු වයස අවුරුදු 27ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.