ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹී තිබෙනවා.
මෙම බැඳුම්කර හිමි කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රමාණයෙන් 55% ක් නියෝජනය කරන අතර, මීට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවය, බැඳුම්කර හිමියන් සමග සීමා කරන ලද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව අදාළ බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණයේ මූල්‍ය පරාමිතීන් සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹීමට හැකි වී ඇති බවයි සිංගප්පූරු කොටස් හුවමාරුව වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.







