දිගම්පතහ මාරක අනතුරක්

දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී ඊයේ (21) මාරක අනතුරක් සිදුව තිබෙනවා.

එකම දිශාවට ධාවනය වූ යතුරු පැදි දෙකක් එකට ගැටීමේදී පසුපසින් ගිය යතුරුපැදියේ පැදිකරු විසි වී ගොස් ඉදිරියෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා හා එක් යතුරුපැදියක පසුපැදිකරු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී පසුපැදිකරු මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

මරණකරු අවුරුදු 19ක් වූ දිගම්පතහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.