ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ දී 4.1% ක් දක්වා වැඩි වී ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වනවා.
එසේම සැප්තැම්බර් මාසයේ දී 0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ දී 1.5% ක් දක්වා වැඩි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ වාර්තාව පහතින්.








